E−Money Sri Lanka



 ඔයා නිදා ගත්තත් ආදායාම ගලා ගෙන එන ක්‍රම වෙදයක් හදා ගන්නේ කෙසේද ??


මොකද්ද මේ " passive income"???


මුදල් ජීවිතයේ සමහර අංග පහසු කරයි. අපිට  කල නොහැකි බොහෝ දේ මුදල් නිසා අපි පහසුවෙන් කරගන්න අවස්ථා බොහොමයි. නමුත්, මුදල් සොයා ගැනීම ඒ තරම් පහසු නොවෙන කාරණයක් ලෙස අපි දකිනවා. බොහෝ අය පවසන ලෙස, අපට දරාගත නොහැකි තරම වැඩි කාලයක් අපේ අදායම් උපයන මාර්ග සදහා යොමු කිරීමෙන් අපිට මුදල් සොයා ගන්න හැකියාවක් තියෙනවා කියන දේ තමයි අපි කාලයක ඉදල හුරු වී සිටින්නේ. එත් අපි තත්පරයක් සිතුවොත්, රැකියාව කියන්නේ සිතන්නත් වෙහෙසකර දෙයක් නේද ?? අපි බොහොම දෙනෙකුට එය එසේමයි.


අපේ ජීවිත වලින් වැඩි කාලයක් අපි ගත කර ඇත්තේ මුදල් ඉපයීමටයි. ඒ නිසා අපි අපේ වටිනා බොහෝ දේ කැප කර ඇති බව වැටහෙන්නේ අපේ ජීවිතයෙන් බොහෝ කාලයක් ගත වුවට පසුයි. 


නමුත්, මෙහෙම ජීවිතයේ හරි අඩක් ගත නොකර බොහොම පහසුවෙන මුදල් උපයන පිරිසක් අප අතර සිටිනවා. මන් මේ අදහස් කරන්නේ නීති විරෝධී මාර්ග ගැන නම්  නොවෙයි.නමුත් බොහොම පහුසෙන් තමන්ගේ මුල්‍යමය නිදහස ලබා ගන්න පිරිසක් අප අතරම සිටිනවා. ඔබ බොහොම හොදින් අධ්‍යනය කලොත් ඔබට වැටහේවි ඔවුන්ගේ ක්‍රමය බොහොම වෙනස් බව. අන්න ඒ වෙනස් ක්‍රමය හදුන්වන නම තමයි. "passive income" කියන්නනේ. 


අපිට ආදරය කරන අපි ආදරය කරන මිනිසුන්ගෙන් ඇත් වී, වැඩි කාලයක් මුදල් ඉපයීමට ගත කිරීම පිලිතුර නොවේ. සැබෑම පිළිතුර වන්නේ, ඔබේ ජීවිතයම කැප නොකර ස්ථාවර සහ විශ්වසදයී ඉපයීම් ක්‍රමයක් අනුගමනය  කිරීමයි. අපි බලමු මෙහෙම කරන්න තිබෙනේ මේ " passive income" කියනේ මොකද්ද කොහොමද කරන්නේ කියල.


" passive income" අවබෝධ කර ගැනීම


පළමු පියවර වන්නේ උදාසීන ආදායම යනු කුමක්ද සහ එය වෙනස් වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. ඔබට ඔබේම ප්‍රධානියා සහ ඔබේ දයිවය හසුව්රුවන ස්වාමියා වීමට උවමනානම්, " passive income" යනු එම දොරටුවෙහි යතුරයි.


උපයා ගැනීමට හා නඩත්තු කිරීමට සුළු පරිශ්‍රමයක් අවශ්‍ය වන අදායම, " passive income" ලෙස හඳුන්වනු ලබයි. අපි සරල උදාහරනයක් ගනිමු. ඔබ සිතන්න ඔබ පොතක් ලියනවා.මේ සදහා ඔබ කාලයක් සහ ශක්තියක් වැය කරනවා.සමහරවිට ඔබට සන්සකරන්ය සඳහා කෙනෙක් අවශ්‍ය වන්නටත් පුළුවන්. නිවැරදි ප්‍රමිතියකට අවසන් කරන මේ පොත ඔබ amzon හරහා විකීනීමටයි සුදානම් වන්නේ. මෙය amzon වෙබ් අඩවිය හරහා කෙනක් මිලදී ගන්න විට ඔබට  අදායමක් ලැබෙනවා. දැන් ඔබේ කිසිම පරිශ්‍රමයකින් තොරව මෙය අදායම් උපයන දෙයක් බවට පත් වී හමාරයි. මෙය තමයි ඔබේ " passive income"  මාර්ගය. ඔබ අවදියෙන් නොසිටියත් ඔබ නිවාඩු සිටියත් ඔබේ පොතක් amzon හරහා ලබා ගන්න වාරයක් පාසා ඔබ අදායමක් උපයනවා. 


මන් සිතනවා ඔබ දැන් " passive income" කියන්නේ මොකද්ද යන වග ගැන සහ එය ඔබේ මුල්‍යමය නිදහස ලබා දෙන්නේ කෙසේද යන්න පැහදිලි කරගෙන ඇති කියා.ඔබගේ වැඩ කරන දිනට තවත් පැය ගණනක් එකතු කිරීම වෙනුවට, " passive income"  ඔබට සුළු කාලයක්  යොදවා දීරගව පහසුවෙන් අදායමක් උපයන ක්‍රමය ලබා දී තිබෙනවා.


ඉතින් අපහු තව කොටසකින් එනකන් ස්තුති !!!!

Comments